නිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් ඕස්ට්‍රේලියාවට පරිත්‍යාග කළ සුරූපනියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා ඔස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගින්නෙන් විශාල හානියක් සිදුවුණා.
මෙම ලැව් ගින්නෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තරුණියක් නිරුවත් වී තිබෙනවා.
ඒ , ඇය තෝරාගත් පුණ්‍යායතන වෙත ඩෝලර් 10 කට වැඩි මුදලක් පරිත්‍යාග කරන ඕනෑම කෙනෙකුට ඇගේ නිරුවත් පින්තූරයක් යැවීමෙන්.
අවුරුදු 20 ක් වන කයිලින් වෝඩ් පැවසුවේ මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් වල ප්‍රකාශ කර පැය 24ක් යාමට පෙර ඇමරිකානු ඩොලර් 100,000 ( රු ලක්ෂ 180 කට අධික මුදලක් ) ක් ජනතාව පරිත්‍යාග කර තිබු බවයි.
“මට මේ මේ වනවිට මිනිත්තුවකට පණිවිඩ 10 ක් ලැබෙනවා , නමුත් මගේ පෙම්වතා මේ නිසා මා සමඟ අමනාප වුණා.” , ඇය The guardian පුවත්පතට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඇයව ජනතාව මේ වනවිට හදුන්වන්නේ ” නිරුවත් දානපතිනියක් ” යන ගෞරව නාමයෙන්.
