බැඳුම්කර සම්බන්ධයෙන් වන ඉතිහාසය ඉතිහාසගත එකක් වුවද මේ සම්බන්ධයෙන් වඩාත් කතාබහක් ඇති වූයේ වත්මන් සමයේදීයි.
ඒ බැඳුම්කර වඩාත් රසවත් දේශපාලන මාතෘකාවක් වීම නිසයි.
බැඳුම්කර යනු කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැති අතර ඉන් ලාභ ලැබීම වැඩිවන්නේ කෙසේද යන්න පිළිබඳ ඇතැමුන්ට අදහසක් නැත.
මේ නිසා බැඳුම්කර පිළිබඳව සයිබර් අවකාශයේ සංවාදයක් ඇරඹීමට දැන් කාලය එළඹ ඇත.
බැඳුම්කර යනු රජයට අවශ්‍ය දිගුකාලීන ණය ලබාගන්නා ක්රමවේදයකි.
එය විවාදයට ලක්ව ඇති 2015 වසරට ද බොහෝ පෙර සිට පැවත එන ක්‍රමයක් වන අතර රජය අවශ්‍ය දිගුකාලීන ණය එලෙස ලබාගන්නා විට අදාළ පාර්ශ්වයන් වෙත පොළියක් ගෙවීමට රජයට සිදුවේ.
ප්‍රාථමික ගැණුම්කරුවෙකු ලාභ ලබන ක්‍රම දෙකක් ඇති අතර ඉන් පළමු වැන්න ඉහත පොළියෙන් ලැබෙන ලාභය වන අතර දෙවැන්න බැඳුම්කර ද්විතීයික වෙළඳපලේ විකුණා ලබන ලාභයයි.
ප්‍රාථමික ගැණුම්කරුවන් රජයට ලබාදුන ණය ප්‍රමාණය හා පොලිය මත ඔවුන්ගේ ආදායම තීරණය වන අතර වැඩියෙන් ණය දුන් ආයතන වැඩි ලාභයක්ද අඩුවෙන් ණය දුන් ආයතන අඩු ලාභයක්ද ලබයි.
මෙවර බැඳුම්කර නිකුතුව සහ ඒ සම්බන්ධ කෝප් වාර්තාවේ ඇතැම් කරුණුද සමාජ සංවාදයකට ලක්විය යුතු වේ.
භාණ්ඩාගාර බැඳුම්කර පුද්ගලික නිකුතුව හරහා ලබාදීමට 1997 සිට 2008 දක්වා කිසිදු අනුමැතියක් මුදල් මණ්ඩලයක් මගින් ලබා නොමැති අතර පුද්ගලික නිකුතුව ඔස්සේ භාණ්ඩාගාර බැඳුම්කර සේවක අර්ථ සාධක අරමුදලට හා අනෙකුත් රජයේ පාලනය යටතේ පවතින ආයතන සඳහා පමණක් අර්බුධකාලින කෙටිකාලයකට පමණක් ලබා දීමට මුදල් මණ්ඩලය විසින් 2008දි විශේෂ අනුමැතියක් ලබාදී ඇති බව පෙනී යයි.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තු ක්‍රියාකාරී අත්පොත් යම් සුළු මුදල් ප්‍රමාණයක් පුද්ගලික නිකුතු හරහා බැඳුම්කර නිකුත් කර ලබාගැනීමට අවසර ඇතත් එම අත්පොතට මුදල් මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බව පසක් වෙයි.
එම නිසා හිටපු මහබැංකු අධිපතිවරයා නීති විරෝධී ක්‍රමයක් වෙනස් කර වෙන්දේසි ක්‍රමය හඳුන්වා දී ඇති බවයි පෙනෙන්නේ.
ආයතනයක් පවත්වාගෙන යන වැරදි ක්රමයන් නිවැරදි කිරීම ආයතන ප්‍රධානියෙකුගේ කාර්ය භාරය නිසා එමගින් අධිපතිවරයා විචක්ෂණ භාවය තහවුරු කර ඇති බව හැඟෙයි.
ඒ අනුව මුදල් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව භාණ්ඩාගාර බැඳුම්කර පුද්ගලික නිකුතුව හරහා ප්‍රාථමික වෙළඳුන්ට නිකුත් කිරීමේ තීරණයට වගකිවයතු නිලධාරීන් හඳුනා ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් කළ යුතු අතර මෙම මුදල් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව පුද්ගලික නිකුතු හරහා බැඳුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතා ඇතිවී ඇත්දැයි සෙවීම සඳහා වෙනම විගණනයක් කළ යුතු නොවේද ?