Gossip

පොලොවේ ගැහුවත් කැඩෙන්නේ නැති දුරකථනය ආයෙත් වෙළඳපලට

කවදාවත් කොච්චර පොලොවෙ ගැහුවත් කැඩෙන්නෙ නැති දුරකතනයක් තමයි Nokia 3310 දුරකථනය.

2000 වර්ෂයේදී සැප්තැම්බර් මස 01 වනදා හදුන්වා දුන් මෙම දුරකථනය ඉතා සාර්ථක ලෙස ලෝකයේ අළෙවි වුණා.

Nokia 3210 ජංගම දුරකථනය වෙනුවට මෙය හදුන්වාදුන් අතර ලොව පුරා මිලියන 126 ක් පමණ අළෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.

Nokia හිමිකාරිත්වය පවතින HMD Global සමාගම පවසන්නේ වසර 17 කට පසු නැවත වරක් මෙම ජංගම දුරකථනය වැඩිදියුණු කර හදුන්වා දෙන බවයි.

ඒ වගේම Nokia සමාගමෙන් ජංගම දුරකථන මාදිලි 05ක් පමණ මෙම වසරේදී බලාපොරොත්තු වන බවද වාර්තා වනවා.

ඉහළ බැටරි ආයුකාලයකින් මෙම දුරකථනය සමන්විත වන අතර මෙහි විශේෂාංග මොනවාදැයි තවමත් හරිහැටි ප්‍රකාශ කර නැහැ.

 

16831532_10208710251648788_525425671_n

nokia-3310

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!