ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා.
“ජනාධිපති කාර්ය සාධක බළකාය සම්බන්ධයෙන් අපේ තියෙන්නේ ඉතා කණගාටුදායක තත්ත්වයක්. නව ව්‍යවස්ථාව පිළිබඳ දුන් පොරොන්දුව මේ දක්වා කෙරිලා නෑ. අපි දන්නේ නෑ ඒ සඳහා අවංක උවමනාවක් තියෙනවාද කියලා.”
එමෙන්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද අද (09) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවේ පාලනය පිළිබඳ තමන්ද කණගාටුවට පත්වන බවයි.
“ගෑස් ප්රශ්නය ගැන අඩුපාඩුව කලින්ම කියලා විසඳගන්න පුළුවන්කම තිබුණා. දැන් විසඳන්න යනවා කියන එක ටිකක් අමාරු වැඩක්. මේ වගේ දේවල් රජයකින් සිදු නොවිය යුතුයි. තව ටික කාලයකින් ආණ්ඩුවත් පුපුරයි ද මන්දා. අපිට යම් කණගාටුවක් තිබෙනවා. අලුත් කට්ටියක් එයි කියලා මටත් හිතෙනවා, මේ විදිහට යනකොට.”
