Gossip

තම සහෝදරයාගේ දියණිය දූෂණය කළ අමන විශ්‍රාමික පොලිස් නිලධාරියා

තම සහෝදරයාගේ 14 හැවිරිදි දියණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ ලොකු තාත්තා වන විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

වෙනත් ප‍්‍රදේශයක පදිංචි එම දැරිය නිවාඩු කාලයේ ගෝනගංආර ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට පැමිණ නතර වී සිට තිබෙනවා.

නිවසේ දී ලොකු තාත්තා විසින් දැරියට අවස්ථා කිහිපයක දී ලිංගික අතවරකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

එම දැරියට ගොඩකවෙල ප‍්‍රදේශයේදී සිදුවූ තවත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් කහවත්ත අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඇයට මීට පෙර බරපතළ ලිංගික අතවරයක් සිදුවී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව විමසීමේදී 2019 වර්ෂයේ අග භාගයේදී නිවාඩුවකට ගෝනගංආර ප‍්‍රදේශයේ ලොකු තාත්තාගේ නිවසට ගිය අවස්ථාවේ ලොකු තාත්තාගෙන් තමාට ලිංගික අතවර සිදුවූ බව ඇය වෛද්‍යවරයාට පවසා ඇත්තේ.

අදාළ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව ගෝනගංආර ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියකුවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යන බව ගෝනගංආර පොලිස් ස්ථානාධිපති ඒ. එල්. ඩී සතිෂ් කුමාර මහතා පැවසුවා

(දිවයින)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!