Gossip

පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ මෙරට බුද්ධ ශාසනය පිහිටුවීම ඇතුළු ශාසනික සේවාවන් රාශියක් සිදුවූ පොහොයක් ලෙස පොසොන් පොහොය වැදගත් වෙයි.
මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා සංවිධානය කර ඇත.
මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් ආගමික කටයුතු සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වනු ඇති බව වාර්තා වනවා.
ඒ නිමිත්තෙන් පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
මීට අමතරව අනුරාධපුරය සහ මිහින්තලය අතර නොමිලේ දුම්රිය ප්‍රවාහන සේවාවක් ද පිට පළාත්වල සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් ද ක්‍රියාත්මකයි.
අනුරාධපුරයේ පමණක් දන්සැල් දහසක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!