Gossip

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිසත් මතක් කරමින් නැවත නැගිටූ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය මෙන්න

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය පසුගිය (12) සිට නැවත විවෘත වුණා.

එමෙන්ම හෝටලය නැවත විවෘත කෙරුණු දිනයේදී පසුගිය අප්‍රේල් 21 වැනිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයද සිහිපත් කෙරුණා.

පසුගියදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරවලින් කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණත්ර ෂැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීම ප්‍රමාද කෙරුණා.

එමෙන්ම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද ෂැන්ග්‍රිලා හෝටලේ සංනිවේදන ඒකකය සඳහන් කළා.

එහි නවීන නවාතැන් පහසුකම් සහිත සුඛෝපභෝගී කාමර 500 ක් සහ සේවා සපයන නිවාස 41 කින් සමන්විතයි. සිය පරිභෝගිකයින්ට විශිෂ්ට ආහාර පාන වලින් සංග්‍රා කෙරෙන මෙරට ප්‍රමුඛතම තරු පන්තියේ හෝටලයක්ද වේ.

මේ නැවත විවෘත කෙරුණු ෂැන්ග්‍රිලා හෝටලයේ වීඩියෝවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!