Gossip

ලංකාවේ ටීම් එක දිරිගන්වන ගයාන්, ලෝකයෙන්ම අංක එක වෙයි – සම්පූර්ණ විස්තරය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරනකොට අපට අමතක නොවෙන තවත් චරිතයක් ඉන්නවා.

ඒ තමයි අපේ ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කරන ගයාන් සේනානායක.

ඉතින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සමගාමීව පැවති ලෝකයේ හොඳම දිරිගන්වන්නා තේරීමේ තරඟයේ රන් පදක්කම දිනාගන්නට ගයාන් සේනානායක සමත් වී තිබෙනවා.

ඉතින් තමන්ට මේ ලැබුණු ජයග්‍රහණය පිළිබඳව ගයාන් සිය නිළ ෆේස්බුක් පිටුවේද විශේෂ සටහනක් යොදා තිබෙනවා.

මෙම සුවිශේෂී තරඟය එංගලන්තයේ මැන්චෙස්ට හිදී ඊයේ (14) දිනයේ පැවැත්වී තිබෙනවා.

මේ තරගයට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් නියෝජනය කරන දිරිගන්වන්නන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!