Gossip

ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සිංහයන්ට තරගය අතරමැදදි අත්වුණු ඉරණම – Photos

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවැත්වුණු තරගයෙන් ලකුණු 87 ක ජයක් ලබාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩාය පළමුව පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවාර 50 අවසානයේදී ඔවුන් ලකුණු 334 ක් රැස් කළා.
පන්දු යැවීමේදී උසුරු උදාන සහ ධනංජය ද සිල්වා කඩුලු දෙක බැගින් බිදහෙළුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු පහක් අවසානයේදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 247 ක් පමණයි.
ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන් දිමුත් කරුණාරත්න පන්දු 108 කදී ලකුණු 97 ක් රැස් කළා.
ඒ හතරේ පහර 9 ක් සමගින්. කුසල් පෙරේරා පන්දු 36 කදී ලකුණු 52 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 30 යි. ලහිරු තිරිමාන්න ලකුණු 16 යි.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9 යි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන මීළඟ තරගය ලබන සිකුරාදා එංගලන්තය සමගින් පැවැත්වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!