Gossip

“උන් දන්නේ නෑ රටේ කොඩිය ගහගන යන්න තරම් මට පිස්සු කියලා.. මම රට ගැන කිසි වැරැද්දක් එහෙදි කියන්නේ නැහැ.”

දිලන්ත රංජුල බන්ඩාර මාලගමුව කියන්නේ ලොව පුරා ගොඩක් ප්‍රසිද්ධ නිහතමානී ශ්‍රී ලාංකිකයෙක්.
සෑහෙන කාලයක් තිස්සේ ඉදන් motor sport හරහා ලංකාවේ නම ගෙනියන එක පිට එක ජයග්‍රහණය ලබන racing car ධාවකයෙක්.
මේ ලගදී ඔහු යුරෝපයේ පැවති G T ශූරතාවයෙන් 2 වන ස්ථානය ලබාගන තියෙනවා.
පසුගිය දිනක ඔහු සමග කළ සාකච්ඡාවකදී ඔහුගෙන් අහල තියෙනවා හැමදාම දිනන නිසාද අපේ උන්ට අගයක් නැත්තේ කියලා.
ඔහු ඒකට උත්තර දීලා තියෙන්නේ මේ විදියට
“මටත් ප්‍රශ්ණයක් එක. හැබැයි රටේ නිහතමානී ශ්‍රී ලාංකිකයෝ social media වලින් සුභ පතනවා.
ප්‍රංශයේ මීට වැඩිය තැනක් මට තියෙනවා. ඒ මිනිස්සු නොදැනත් හරි හරියට සලකනවා.ලංකාවේ ඉතිම් අනේ මන්දා.”

ඔහු මේ වෙනකොට අවුරුදු 39 race කරනවාලු. එන අවුරැද්දේ ගිනෙස් රෙකෝඩ් එකක් තියනවා කියලා තමා දිලන්ත මාලගමුව කියන්නේ.
අපේ රටට හොඳ නමක් මේ වෙනකොට නිලන්ත මාලගමුව උපයගන තියෙනවා. එක පිට ශූරතාවයන් ගෙනල්ලත් ක්‍රිකට් වලට වගේ කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ.
ලංකාවට අගයක් නැතිවුණත් ලෝකෙ අනිත් රටවල් වලටනම් නිලන්ත මාලගමුවට ලොකු ඉල්ලුමක් සැලකිල්ලක් තියෙනවා.
වෙන රටවල්වලින් පුරවැසිභාවය දෙන්න හැදුවෙ නැද්ද ඇහුවාම ඔහු කියන්නේ “ජපානය,මැලේසියාවලින් පුරවැසිභාවය ගන්න තිබ්බා.
ඒත් එක අම්මා වික්කා වගේ වැඩක් වෙනවා.එම කරන්න බෑ මට. මොකද අපි කියනවනේ ශ්‍රි ලාංකිකයෝ කියන්නේ පැරදෙන්නැති ජාතියක් කියලා.ඒක ලෝකෙට ඔප්පු කරනවා.මං ගියාට වෙන කෙනෙක්නම් ඕක කරන්නේ නැහැ.
දෙන්නේ නැති ඒක සහ තියන දේවල් ගන්න මෙහෙන් කරන වැඩ. ලූෂන් කියනවා වගේ අපි අඩ අඩ ඉන්නේ නැහැ.”
Dilan Go කියන්නේ මොකක් ද සහ DilanGo taxi service හැදුනෙ ඇයි?
“අපේ taxi drivers ලට ත්‍රීවීල් කාරයෝ, කැබ් කාරයො කියලා පල්ලහාට දාලා කතා කරන්නේ. ඒ කට්ටියව වෙන තත්වෙකට ගෙන්න තමයි DilanGo taxi service පටන් ගත්තේ. තව මං වගේම ලෝකෙ දිනන්න පුළුවන් වැඩ කාරයෝ ඉන්නවා.ඔවුන්ට සලකන්න. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට තමයි හැමදේම දෙනනේ. ICC එකෙන් ක්‍රිකට් ගහන අයට ගෙනල්ලා දෙනවා නෙවේනේ. මං වැරදි කියනවා නෙවේ.”

ඔහු මේ දේවල් කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නෙවේ මේ දේවල් කරන්නේ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.
“අපි තරග කරලා දිනන්නේ ප්‍රභල රටවල් 100 විතර එක්ක. දින්නට එහෙ කට්ටිය කියන්නේ අම්මේ ඔයා හරි වාසනාවන්තයි.
මම අහනවා ඇයි කියලා. නෑ ඉතිම් රටේ කොඩිය ගහගන රටෙන් සල්ලි දෙනවා ඔයාට ඇවිල්ලා රේස් කරන්න කියලා. උන් දන්නේ නෑනේ මට පිස්සු කියලා රටේ කොඩිය ගහගන යන්න. එහෙදී මම කියන්නේ ඔව් කියලා.මං කිසි වැරැද්දක් එහිදී කියන්නේ නැහැ. අනික නිහතමානී කියන එකත් ළඟදි තමයි කට්ටිගේ කටට අවේ . මං මේ දේ කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.”
“ලෝක ශූරතාවය තව තුන් හතර පාරක් දිනන්න තමා ආශාව. ලෝකෙ තියන අමාරුම රේස් තව කීපයක් දිනන්න ඕන. එතකොට ලංකාවේ නම හැමතැනම ලියවෙන හිංදා.” ඔහුගේ අරමුණ මේ විදියට ඔහු පැහැදිලි කලා.
දේශපාලනය ගැන ඔහුගේ මතය වන්නේ “පක්ෂ එකපැත්තකටවත් නැහැ. අලුත් කෙනෙක් එන්න ඕන. දේශපාලකයෙක් නෙවේ දේශකළමණාකරනෙයක් ඒන්න ඕන”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!