ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට තරුණයන් තිදෙනෙකු සීගිරිය පොලීසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණා.
මොවුන් තිදෙනා අද (27) දඹුල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
මුහුණු පොත හරහා සමාජල වෙබ් අඩවිවලට එම ඡායාරූප සඳහා පෙනී සිටිමින් මුදාහැර ඇත්තේ ගලේවෙල ප්රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.