Gossip

මහ කැළේ මැද්දේ නතර වෙච්ච යාල්දේවී දුම්රිය රියදුරන්ටත් හදාගන්න බැරිවෙලා – දුම්රියේ හිටපු කොල්ලෙක් ඉදිරිපත්වෙලා විනාඩි 20න් හදලා

සැප්තැම්බර් 19 වෙනිදා යාපනයේ ඉඳන් කොළඹ ගිය යාල්දේවි දුම්රිය කාර්මික දෝෂයකට ලක්වෙලා තියෙනවා.

සවස 4.27 ට අනුරාධපුරයෙන් කොළඹ බලා පිටත්වුන මේ දුම්රිය මහාගල්කඩවල කැලැබැද ප්‍රදේශයේදී තමයි මෙහෙම කාර්මික දෝෂයකට ලක්වෙලා තියෙන්නේ.

දුම්රිය කාර්මික ශිල්පීන් විනාඩි 45 ක් උත්සහා කරත් දුම්රිය යතා තත්වයට පත්වෙලා නෑ. මේ දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථනය දක්වා වෙනත් දුම්රිය එංජිමක් මගින් ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කරවන්න තමයි නිලධාරීන් සූදානම් වෙලා තියෙන්නේ.

හැබැයි ඉතින් දුම්රිය කාර්මිකයන්ටත් හදන්න බැරිවුන දුම්රියක් විනාඩි 20 න් සිසුවෙක් හදලා තියෙනවා.

ඔහු ස්වෙච්චාවෙන් දුම්රිය හදන්න ඉදිරිපත් වෙලා තියෙනවා. දුම්රිය කාර්මික ශිල්පීන් පැයක් විතර උත්සාහ කරලත් හදන්න බැරි වුන යාල්දේවි දුම්රිය විනාඩි 20 ක් ඇතුළත හදන්න මේ සිසුවා සමත්වෙලා තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව දුම්රියට කොළඹ බලා ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මේ සිසුවා තමයි ජනිත් දිමන්ත විතානාරච්චි. ඔහු මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා පසුව ICBT (පෞද්ගලික විශවවිද්‍යාලයේ) වැඩිදුර අධ්‍යපනය ලබන සිසුවෙක්.

මේ ඔහු ගැන මුහුණු පොතට එක් කල සටහනක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!