ප්‍රීති සින්ටාගේ කට අප්‍රියෙල් 30 වෙනකම් වැහිලා කියලා අපිට ආරංචි වුණා. අපිත් ඉතින් ටිකක් විතර හොයලා බැලුවා මොකක්ද ඒ කතාව කියලා. ආරංචි වුණ විදිහටනම් ප්‍රීති සින්ටාට එයාගේ ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් තියෙනවාලු. හැබැයි ප්‍රීති කියන විදිහටනම් එයාට මේ විදිහට කියන්න තියෙන රහස අප්‍රියෙල් 30 ඒ කියන්නේ අද වෙනකම් රකිනවා කියලා තමයි කියන්නේ.
“හැමදේකම අවසානයක් තියෙනවා. ඉතින් මට මගේ ප්‍රේක්ෂක ප්රේක්ෂිකාවියන්ට කියන්න ලොකු රහසක් තියෙනවා. හැබැයි මං ඒක මේ අඟහරුවාදා වෙනකම් කියන්නේනම් නෑ” ප්‍රීති ට්වීටර් වෙබ් අඩවියේ කියලා තිබුණේ එහෙම දෙයක්.
ප්‍රීතිගේ වයස පේන්නේ නෑනේ. හැබැයි ඉතින් එයාට දැන් අවුරුදු 38 ක් වෙනවා.
ප්‍රීති ළඟදී කරපු ප්‍රේම් රාජ්ගේ අධ්‍යක්ෂණයක් වුණු “ඉෂ්ක් ඉන් පැරිස්” චිත්‍රපටියත් මැයි මාසේ තිරගත වෙන්න තියෙනවා. ඒ චිත්‍රපටිය 2012 සැප්තැම්බර් මාසේ තමයි තිරගත වෙන්න තිබුණේ. ඒත් ඉතින් කල් ගියා.
කොහොම කොහොම හරි ඔය සේරම අස්සේ ප්‍රීති අද කියන්න හදන මේ රහස මොකක්ද කියලායි හැමෝම දැන් බලාගෙන ඉන්නේ. බලමු ප්‍රීති ඔය තරම් රස කර කර ඇත්තටම කියන්න හදන්නේ රහසක්ද කියලා….
