බොලිවුඩ්

සනීව ගෙනැල්ලා පූජා කළේ වැරැද්දක්ද…!

“ගොඩක් අය කියනවා මට කිසිම අයිතියක් නැහැ කියලා කාන්තාවන්ට වෙන හිංසනයන් ගැන කතා කරන්න. මොකද ඉන්දු කැනේඩියානු පෝන් ස්ටාර් කෙනෙක් වුණු සනී ලියොන් බොලිවුඩයට හඳුන්වා දුන්නේ මමනේ” මේ විදිහට කියන්නේ පූජා භාත්. පූජා මේ වගේ කතා ටිකක් කියලා තියෙන්නේ “බිග් බොස් 5” රියැලිටි ටීවී වැඩසටහනට සහභාගී වෙමින්.

පහුගියදා ඉන්දියාවේ අවුරුදු 5 ක ළමයෙක් දූෂණය කරපු සිද්ධියට ට්වීටර් වෙබ් අඩවියේ පූජා කණගාටුව පළ කරලා තිබුණා. එතනදී ගොඩක් අය ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණ විදිහනම් එච්චර හොඳ නෑ. මොකද සනී ලියොන් වගේ කෙනෙක්ව බොලිවුඩයට හඳුන්වලා දීපු පූජා වගේ කෙනෙක්ට ඒ දේවල් ගැන කතා කරන්න අයිතියක් නෑ කියල ගොඩක් දෙනෙක් කියලා තිබුණා.

ඒත් පූජානම් කියන්නේ සනී ලියොන් වගේ කෙනෙක් බොලිවුඩයට ගෙනාපු එකෙන් පෝන් ස්ටාර්ස්ලට බොලිවුඩයට එන්න තියෙන බලාපොරොත්තුව වැඩි වුණා කියලයි. පූජා අධ්‍යක්ෂණය කරපු “ජිස්ම් 2” චිත්‍රපටියට දායක වුණෙත් සනී ලියොන්. 41 වන වියේ පසුවන පූජාත් බොලිවුඩයේ හිටපු සුරූපී රංගන ශිල්පිනියක්.

හරි වැරැද්ද කොතනද කියන එකට වඩා දෙයක් දිහා බලන විදිහේ වැරැද්දක් තියෙනවා කියලයි අපිටනම් ‍හිතෙන්නේ. මොනවා වුණත් සනී ලියොන්ව බොලිවුඩයට ගෙනත් පූජා භාත් කරේ වැරැද්දක්ද??? ඒකනම් හිතන්න වටින දෙයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!