බොලිවුඩ්

මෙන්ටල් 22 එනවා කියලා මං දන්නෙත් නෑ

සල්මන්ගේ අලුත්ම නිර්මාණය “මෙන්ටල්” නොවැම්බර් 22 තිරගත වීම පටන්ගන්නවා කියලා ආරංචියක් බොලිවුඩයේ පැතිරිලා තිබුණා. අපිත් ටිකක් විතර හොයලා බැලුවා කතාවේ ඇත්ත නැත්ත.

මේ ගැන ඉන්දියාවේ පැපරාසියෝ ටික මෙන්ටල් අධ්‍යක්ෂක සොහේල් ඛාන්ගෙන් අහලා තිබුණා. හැබැයි ඉතින් ඔය කියන විදිහට නොවැම්බර් 22 මෙන්ටල් තිරගත කරන්න එයාගේ හිතේනම් කිසිම විදිහක අදහසක් තිබිලා නෑ.

“ඇත්තටම කිව්වොත් නොවැම්බර් 22 වෙනිදා “මෙන්ටල්” තිරගත වෙනවා කියලා කියන එකනම් මටත් ප්‍රවෘත්තියක් වගේ තමයි. මොකද මම එහෙම එකක් හිතලා තිබුණේවත් නෑ. දැන් කාලේ අපි දන්නෙත් නැතුව මිනිස්සු තමයි තීරණය කරන්නේ අපේ චිත්‍රපටිය කවද්ද තිරගත වෙන්නේ කියන එක” සොහේල් කියන්නේ ඒ වගේ කතාවත්.

“තාමත් මෙන්ටල් චිත්‍රපටියේ රූගත කිරීම් සිද්ධවෙනවා. මං හිතන් ඉන්නේ ඒක මේ අවුරුද්දේ අන්තිමට තිරගත කරන්න. හැබැයි තාම දිනයක් ගැනනම් හිතලා නෑ. “ඩූම් 3″ තිරගත වෙන්න සති කිහිපයක් එහා මෙහා කරලා තමයි මෙන්ටල් තිරගත කරන්නේ.”

සල්මන්ට ඕන ‘මෙන්ටල්’ දෙසැම්බර් මාසේ තරගත කරවන්නලු. හැබැයි ඒක ‘ඩූම් 3’ එක්ක එකට තිරගත වෙන්න බෑ. මොකද ඩූම් 3 එකේ රඟපාන්නේ සල්මන් ආසම කරන තරු යුවළක්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි අමීර් ඛාන් එක්ක කත්‍රිනා කයිෆ්.

බලමුකෝ ඇත්තටම මෙන්ටල් කවද්ද එළියට එන්නේ කියලා. පැපරාසීන්ගේ කතාවල ඇත්ත නැත්ත දැනගත්ත පුළුවන් වෙන්නේ එතකොට තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!