බොලිවුඩ්

ආයෙමත් ආදරෙන්…!

අද අපිට බොලිවුඩයෙන් දැනගන්න ලැබුණා හිටපු පෙම් යුවළක් ආයෙත් ආදරෙන් එකතු වෙලා කියලා. අපිත් ඉතින් ටිකක් විතර හොයලා බැලුවා ඒ කවුද කියලා.

ඒ වෙන කවුරුවත් නෙමෙයි රන්බීර් කපූර් එක්ක දීපිකා පදුකෝනි. මේ දෙන්නා ආදරෙන් එකතු වෙලා තියෙන්නේ සැබෑ ජීවිතයේදිත් නෙමෙයි. ඒ දෙන්නගේ අලුත්ම චිත්‍රපටියේදීයි. රන්බීරුයි දීපිකායි රඟපාන “යේ ජවානී හේ දිවානී” චිත්‍රපටියේ ප්‍රචාරනයට මේ දෙන්නා පුංචි පුංචි සීන් ටිකක් ෂූට් කරන්න මේ දවස්වල ලෑස්ති වෙනවලු. ලබන සඳුදා මුම්බායිවල දී මේ රූගත කිරීම් සිද්ධවෙනවා කියලා තමයි බොලිවුඩයෙන්නම් දැනගන්න ලැබෙන්නේ.

යේ ජවානි හේ දිවානි චිත්‍රපටිය‍ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අයන් මුඛර්ජි.

මේ අතරම අපිට ආරංචි වුණා රන්බීර් වැඩිපුරම බය මොනවටද කියලත්. ආරංචියේ හැටියටනම් මකුළුවන්ටයි කැරපොත්තන්ටයි තමයි රන්බීර් වැඩියෙන්ම බය. මේ ගැන බොලිවුඩයට හෙළිකරලා තියෙන්නේ රන්බීර්ගේ හිටපු පෙම්වතිය දීපිකාලු.

“මං මේ අත්දැකීමෙන්මයි කියන්නේ, රන්බීර් මකුළුවන්ට පුදුම බයක් තියෙන්නේ. බැරිවෙලාවකවත් රන්බීර් ඉන්න කාමරයක මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි හිටියොත් ඉන්න හැමෝම උන්ව එලවන්න යන්න ඕන. එතකන්ම රන්බීර් ඉන්නේ ඇඳ යට තමයි” දීපිකා රන්බීර්ගේ බය ගැන කියලා තියෙන්නේ ඔන්න ඔය විදිහටයි.

දීපිකා කියලා කියන්නේ තවමත් 27 වන වියේ පසුවන බොලිවුඩයේ ඉන්න සුන්දර සුරූපිනී රංගන ශිල්පිනියක්.

2009 තිරගත වුණු “බච්නා ඒ හසීනෝ” චිත්‍රපටියෙන් පස්සේ අයන් මුඛර්ජී කරන “යේ ජවානි හේ දිවානි” චිත්‍රපටිය මැයි 31 වෙනිදා තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම තමයි රන්බීර් දීපිකා ආදර සම්බන්ධය බිඳීයාමත් එක්ක ඒ දෙන්නා එකට එකතුවෙලා රඟපාන පළවෙනි චිත්‍රපටිය වෙන්නෙත් මේකම තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!