Gossip News

පවුලක් ගොඩගත්ත පැය තුනක මෙහෙයුම..

ගලෙන්බිඳුනුවැව, උඩියන්තුලම හේන්යායක් අසල ආනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි තුන්පත් රෑනක් නිරුපද්‍රිතව ගොඩගෙන කැළයට මුදා හැර ඇති බවට වාර්තා වෙනවා.

ඊයේ සවස රිටිගල වනජීවි නිලධාරීන් විසින් මෙම තුන්පත් රෑන නිරුපද්‍රිතව ගොඩ ගෙන කැළයට මුදාහැර ඇති බව වාර්තා වෙනවා.

මෙම වන අලීන් වගා ළිඳට වැටී සිටිනු දුටු ගම්වැසියෙකු විසින් මේ පිළිබඳ රිලිගල වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

පසුව එම ස්ථානයට පැමිණි වනජීවි නිලධාරීන් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් පැය 03ක පමණ මෙහෙයුමකින් පසු මෙම වන අලීන් තිදෙනා ගොඩ ගෙන කැළයට මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!