Gossip News

13 හැවිරිදි පාසල් සිසුවෙක් අභිරහස් ලෙස මිය ගිහින්..22 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට..

කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී අභිරහස් ලෙස මිය ගිහින් තිබුණා . සිය නිවසේ මව සහ පියා නොසිටි මොහොතක එම දරුවා නිවසේ ජනේලයක එල්ලී සිය දිවි හානි කරගන්නට ඇති බවටයි මුලින් සැක පළවී තිබුණත්
එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේදී එය සියදිවි හානිකර ගැනීමක් නොවන බවත්, සැකකටයුතු මරණයක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා අද (20) දිනයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ විදියට මිය ගිහින් තියෙන්නේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන් නෙත්සර ඩයස් ගුණවර්ධන නමැති පාසල් සිසුවෙකු වන අතර ඊයේ (19) පෙරවරු 8.30 ට පමණ මෙම මරණය සිදුවී තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇති මොහොතේ මියගිය පාසල් සිසුවා ගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත් මව සහල් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලට ගොස් සිටි බවත් මියගිය සිසුවා නිවසේ තනිව සිට ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!