Gossip News

කුරාණය උගන්වනවා කියලා සිසුන්ව අපයෝජනය කරලා..

කුරාණය උගන්වන බව පවසමින් උතුරුදිග නයිජීරියාවේ පවත්වාගෙන ගිය ආගමික පාසලක් වටලා එහි සිටි සිසුන් මුදාගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එම පාසලේ ළමුන් විවිධ අපයෝජනයන්ට ලක්ව ඇති බවටද වාර්තා වෙනවා.

ආගමික මුහුණුවරකින් පෙනී සිට සිසුන් විවිධ අපයෝජනයන්ට ලක් කරමින් පවත්වාගෙන යන ඉස්ලාමීය පාසල් පිළිබඳව උතුරුදිග නයිජීරියාවෙන් නිරන්තරයෙන් වාර්තා වෙනවා.

එවැනි පාසලකින් සිසුන් 150කට ආසන්න පිරිසක් මුදාගත් බව එරට පොලිසිය පසුගියදා නිවේදනය කර තිබෙනවා.

මසක් වැනි කෙටි කාලයක් තුළ උතුරුදිග නයිජීරියාවේ මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වූ සිව්වන අවස්ථාව මෙය වී තිබෙනවා.

එම මෙහෙයුම් අතරතුර මුදාගත් පිරිස මේ වනවිට දහස ඉක්මවන බව වාර්තා වෙනවා.

මෙම සිදුවීම් පාදක කරගෙන ලිහිල් ලෙස නියාමනය වනු ලබන අල්මජීරිස් (Almajiris) ලෙස හැඳින්වෙන ඉස්ලාමීය පාසල් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නයිජීරියානු ජනාධිපතිවරයාට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

විශේෂඥයින් පවසන්නේ උතුරුදිග නයිජීරියාවේ ළමුන් මිලියන ගණනාවක් එම පාසල්වල ඉගෙනුම් ලබන බවයි.

කඩූනා (Kaduna) ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව රිගෙසා (Rigasa) නගරයේ පවත්වාගෙන ගිය මෙම පාසල වටලා තිබෙනවා.

අනතුරුව මුදාගත් පිරිස අසළ කඳවුරකට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

ඒ අතර ගැහැණු ළමුන් විසි දෙදෙනෙකු සිටින බවටයි වාර්තා වෙනවා.

මෙම පාසලේ හිමිකරු පවත්වාගෙන ගිය පාසලක් මිට පෙරද වටලා තිබූ අතර ඔහු දැනටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.

එවැනි පාසල්වලින් මුදාගත් සිසුන් පහරදීම්, කෘර වද හිංසා කිරීම්, සහ ලිංගික අඩත්තේට්ටම් වලට ලක්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!