දිවුලපිටිය ලිහිණියාගම්මන ප්‍රදේශයේ සිදුකරගෙන ගිය කසිප්පු ජාවාරමක් වැටලීමට දිවුලපිටිය පොලිසිය සමත්ව තිබෙනවා.
ස්ථානාධිපති යූ.පී.එස්. ප්‍රියන්ත මහතාට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැගව සිට කසිප්පු පෙරමින් සිටින අවස්ථාවේදීම මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙහිදී ගෝඩා බැරල් 3 ක් සහ කසිප්පු බෝතල් 45 ක් අත්අඩංගුවට ගෙන තිබුණා.