එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් මත පලි ගැනීම් කිරීමට කටයුතු නොකරන්නැයි තමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) ප්‍රකාශ කළා.
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයෙන් සාධාරණයක් ඉටුවෙතැයි තමා බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
“නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට පැවරී ඇත්තේ ලොකු වගකීමක්. එම වගකීම නිසි ආකාරයට කරාවි යැයි බලාපොරොත්තු වෙනවා. ඇතැම් පොලිස් නිළධාරීන් පෞද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමට ක්‍රියා කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙසද නීතිය සහ සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටිනවා”.