ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලව නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රිය අනතුරකින් සිදුවූ බහින්බස්වීමකදී නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.
මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.