ප්‍රසිද්ධියේ සිය මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කාන්තාවකට වසර දෙකක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
හර පද්ධතීන් විනාශ කිරිමට උරදීම සම්බන්ධයෙන් ඇය වරදකරු බවට පත්ව ඇති අතර ඒ අනුව එම කාන්තාවට සිරදඩුවමන් නියම කර ඇති බවයි ඉරාන නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ.
කෙසේවෙතත් අදාල කාන්තාවට ලබාදී ඇති සිරදඩුවම මාස 21කට අත්හිටුවා තිබෙනවා.
කෙසේවෙතත් මුහුණු ආවරණ ඉවත් කිරිම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී කාන්තාවන් විශාල පිරිසක් ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.