Gossip

ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය අවහිරය අවසන්?

තාවකාලිකව අවහිර කර තිබූ ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත අද සිට යළි පිවිසිය හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

මේ අතර තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතාව තවදුරටත් ඉවත් කර නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා තිබෙනවා.

පසුගිය දා මහනුවර ඇති වූ කලහකාරී සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන ජාතිවාදී ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්ඇප් ඇතුළු සමාජ ජාලවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවා.

මේ අතර මහ නගර සභා බල ප්‍රදේශය හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් සියලු ප්‍රදේශවලට ඊයේ රාත්‍රි 8 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!