Gossip

සමාජජාල මගින් ජාතිවාදය ඇවිස්සූ බාලවයස්කාරයා කොටුවෙයි

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවීම මුල්කර ගනිමින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමේ අරමුණින් සමාජ ජාල වෙබ් අඩවි හරහා තොරතුරු ප්‍රචාරය කිරීමේ ‍සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බාලවයස්කාර දරුවකු මේ මස 22 වැනි දින දක්වා මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (9) නියම කළා.

‘සිංහලේ අපි ’ මැයෙන් වර්ට්ස්අප් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන අඩවියක සමාජිකයන් 256කින් සමන්විත බවත් ඉකුත් 6 වැනි දින මෙසේ සංහිඳියාව බිඳ හෙළීමේ තොරතුරු ප්‍රචාරය කරන බවට ජාලගත තොරතුරු ඔස්සේ හඳුනා ගත් බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

සමාජ ජාල තුළ සංවාද, ජාතිවාදී හැඟීම් අවුස්සමින් ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයට කැරලි කෝලාහල ඇති කිරීමට තුඩු දෙන වදන් හා වැකි අදහස් මේ කණ්ඩායම විසින් ප්‍රචාරය කර ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් අවස්ථාවක ඇතැම් අන්තවාදී පිරිස් ජාතිවාදී හැඟීම් උද්දීපනය කරමින් කලහකාරී ලෙස දේපළ හා ජීවිත හානි සිදු කිරීම ක්‍රියාත්මකව පවතින අවස්ථාවක මහරගම ප්‍රදේශයේ මෙවැනි ජාතිවාදී ගැටුම නිර්මාණය කිරීම පෙළඹවීමට කටයුතු කළ බවට සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

සැකකරු සතු ජංගම දුරකථනය වැඩිදුර විමර්ශනය සඳහා රහස් පොලිසිය භාරයට ගෙන ඇති අතර, 2007 අංක 24 පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තිය හා දණ්ඩ නීති සංග්‍රහයේ 138 යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකාර දරුවා මේ මස 22 දක්වා මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙසට නියෝග කළේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!