Gossip

අවුරුදු දෙකහාමාරකට පෙර මියගිය කාන්තාවක් ලංකාවට එයි

සවුදි අරාබියේ දමාම් නුවර ගෘහ සේවිකාවක් ලෙස වසර 23 සේවය කර සිටියදි මියගිය බව කියන ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුර මියගොස් වසර දෙකකුත් සය මසකට පසුව ඊයේ(08) ගුවනින් එවා තිබු සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ අරඹා ඇති බව ගුවන්තොටුපල පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඇමස්ට්වත්ත උඩුපුස්ලෑව පදිංචිව සිටි සන්නාසි සුප්පයියා වල්ලි අම්මා නමැති ( 56) දෙදරු මවකි. 1995 වසරේදි හාලි ඇල දික්වල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතයෙකුගේ මාර්ගයෙන් සවුදි අරාබියට ගොස් ඇති මෙම කාන්තාව 2015 12- 05 දින එරටදි මිය ගොස් තිබෙනවා.

ඇය මිය ගිය බවට ලද තොරතුරකට අනුව මිය ගිය තැනත්තියගේ පුතෙකු වන නඩරාජා එල්වන් (36) නැමති අය විදේශ සේවා කටයුතු අමාත්‍යංශයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පිලිබඳව කල හැකි සියළු කටයුතු සිදුකර වසර දෙකක් ඉක්ම වු පසුව තම මවගේ දේහය ඊයේ(08) EY264 දරණ ගුවන් යානයෙන් කටුනායකට එවා තිබු බවත් මෙම මරණය පිලිබදව සැක සහිත බව දන්වමින් ගුවන්තොටුපල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව මරණ පරික්ෂණ කටයුතු සදහා පොලීසිය විසින් සිරුර මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය පිලිබඳව මීගමුව රෝහලේදි මිය ගිය කාන්තාවගේ පුතා විසින් මෙලෙසද පැවසීය,
“සන්නාසි සුප්පයියා වල්ලි අම්මා යන අය මගේ මවයි. ඇය 1995 දි ගෘහ සේවිකාවක් ලෙස මැද පෙරදිග ගියා. ඒ වන විට මම පොඩි වයසක හිටියේ. මට තව සොහොයුරෙක් ඉන්නවා. එයා මන්ද මානසික තත්වයෙන් පසු වෙනවා. අපි හරි දුප්පත්. අපිට ගම්වාසින් තමයි උදවු කලේ. අම්මා රට ගියේ පවුලේ බර කරට ගන්න ඕන නිසා. තාත්තා අම්මා අතරත් ප්‍රශ්න තිබුනා බැරි තැන එයා රට ගියා. මෙහේ නියෝජිතයෙක් අම්මව රට ඇරියා. අවුරුදු කීපයක් ගෙවිලා ගිය ලියුම් දෙකක් තමයි ආවේ. සල්ලි රුපියලක්වත් අපිට එයා එව්වේ නැහැ. පසුව කරදරයි මාව ගෙන්න ගන්න කියලා පණිවිඩයක් එවලා තිබුනා. එතකොට මම ලොකුයි. අම්මාව බේර ගන්න හැම තැනකටම ගියා. ග්‍රාම සේවක මහත්තයා ඇවිල්ලා කිව්වා අම්මා 2015-12-05 දින මිය ගිහින් කියලා. පසුව එවලා තිබුනු විදේශ මරණ සහතිකයේ අම්මගේ වයස 37 කියලා වැරදියට සදහන් වෙලා තිබුනා. අම්මා හිටියනම් දැන් වයස 56 වෙනවා.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!