Gossip

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයාගේ සහ බිරිඳගේ කෙරුවාව මෙන්න

පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථ රියදුරාට මන්ත්‍රීවරයා පහරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ බිරිඳ ද පිස්තෝලයක් අතට ගෙන පහර දෙන අයුරු බස් රථයේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් රූගත කර තිබුණා.

කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට බස් රථය නවත්වා තලංගම කොස්වත්ත මංසන්ධියේදී දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට සම්බන්ධ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ තලංගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!