සුරූපී නිළියක් වන මල්ලිකා ශෙරාවත්ට කවුදෝ තර්ජනය කරලා කියලා බොලිවුඩයෙන් වාර්තා වෙනවා.
ආරංචිය විදිහටනම් මල්ලිකා මේ දවස්වල රඟපාන “ඩර්ටි පොලිටික්ස්” කියන චිත්‍රපටියේ රඟපාන්න එපා කියලා තමයි මේ විදිහට තර්ජනය කරලා තියෙන්නේ.
ඉන්දියාවේ, රාජස්ථානයේ දේශපාලඥයෙක් භන්වාරි දේවි කියල ගෑණු කෙනෙක්ව මරපු ඇත්ත කතාවක් මුල් කරගෙන තමයි මේ කියන “ඩර්ටි පොලිටික්ස්” හදලා තියෙන්නේ.
ඒ හින්දම තමයි මල්ලිකාට තර්ජනය කරලා තියෙන්නෙත්.
“ඔව්. අපිට තර්ජනය කරලා දුරකතන ඇමතුම් ආවා. ඒ විදිහට දුරකතන ඇමතුම් දුන්නේ මගේ මල්ලිට. මල්ලිට කතාකරලා කියලා තිබ්බා අක්කව ඔය මාතෘකාවෙන් අයින් කරලා තියාගන්න කියලා.” මල්ලිකා මාධ්‍ය හමුවේ මේ ගැන කියලා තිබ්බේ ඒ විදිහටයි.
ඒ කොහොම වුණත් ඉතින් මල්ලිකා කියන්නේ කාටවත්ම බය කෙනෙක් නෙමෙයිනේ. එයා ඒ ගැන කියන්නේ “මෙහේ හැමෝම දේශපාලඥයන්ගේ ගොදුරු වෙලා. ඉන්දියාවේ ඉන්නනම් දේශපාලනය කරන්නම වෙනවා. මම දේශපාලනයේ හොඳ වගේම නරක ගැනත් දන්නවා. ඒකේ වැඩිපුරම තියෙන්නේ නරක විතරයි.”
කේ.සී. බොකාඩියා අධ්‍යක්ෂණය කරපු “ඩර්ටි පොලිටික්ස්” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට මල්ලිකා පණපොවන්නේ ඕම් පූරි එක්කයි.
මෙ චිත්‍රපටියේ මට කරන්න තියෙන දේ ගැන මම ගොඩාක් සතුටුයි. මම ඒ දේ නැති කරගන්නේ නෑ.
“ඩර්ටි පොලිටික්ස්” චිත්‍රපටියේ නම “ඩර්ටි පික්චර්” ට සමානයි කියලා කිව්වම මල්ලිකා කියලා තිබ්බේ ඩර්ටි පික්චර් එකේ රඟපාන විද්‍යා ගොඩක් දක්ෂයි කියලයි. ඒ වගේම තමයි විද්‍යා දක්ෂතාවලට තමන්ගේ දක්ෂතා සමාන කරන්න බෑ කියලා මල්ලිකා හරි නිහතමානි විදිහට කියලා තියෙන දේ බොලිවුඩයේ හැමෝම ප්‍රශංසා කරනවා කියලත් ආරංචියි.
Cherlin
February 7, 2013 at 5:35 am
That’s a wise ansewr to a tricky question
Dilupa
February 25, 2013 at 12:06 am
කපටි කමෙන් අන්තිම ප්‍රශ්නෙ මඟහැරල වෙන උත්තරයක් දීල. :p