බොලිවුඩ්

විද්‍යා ගැන කතාව වැඩියි

බොලිවුඩයේ මේ දවස්වල වැඩියෙන්ම කතා කෙරෙන්නේ විද්‍යා බාලන් ගැනයි. ඒ විද්‍යාගේ රඟපෑම් නිසානේ. හැබැයි ඉතින් පහුගිය දවසක විද්‍යාට හම්බවුණ සම්මානත් මේ විදිහට විද්‍යා ගැන කතාකරන්න හේතු වුණා. ගිය ඉරිදා තිබ්බ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී තමයි “කහානි” චිත්‍රපටියේ රංගනය වෙනුවෙන් විද්‍යා බාලන්ට හොඳම නිළියට හිමි සම්මානය හම්බවුණේ.

ඒ වගේම තමයි ඝෝෂ් සුජෝ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනුත් එතනදී නම් කෙරුණා.

“ඝෝෂ් කහානි චිත්‍රපටිය ලිව්වා කියලා දැනගත්තම මං පුදුමත් වුණා.” 33 වන වියේ පසුවන ආස්ක් සුජෝ 58 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී කියලා තියෙන්නේ එහෙම කතාවක්.

“මුලින්ම කහානි කරන්න සම්බන්ධ වුණේ මායි සුජෝයි. අනිත් අය සම්බන්ධ වුණේ ඊට පස්සේ. අපිට ඕන වුණේ වඩා හොඳ චිත්‍රපටියක් කරන්න. ඉතින් අපි ඒකට පුළුවන් තරම් උත්සහ කළා. ඒ නිසාම වෙන්න ඇති කහානි චිත්‍රපටිය වටා ගොඩක් ලොකු ප්‍රේක්ෂකයෝ පිරිසක් ඇදිලා ආවේ.”  චිත්‍රපටිය ගැන විද්‍යා කියන්නේ ඒ වගේ දෙයක්.

ඒ දේ කොහොම වුණත් 19 වෙනි වාර්ෂික “Colors Screen” සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස විද්‍යා බාලන්ට වගේම හොඳම සංස්කරණයට හිමි සම්මානය නම්රතා රාඕට හම්බවුණා. ඒ වගේමයි 13 වෙනි සිනෙ සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ජූරියේ සම්මානය හිමිවුණේ සුජේ ඝෝෂ්ට. ඒකෙදිත් විද්‍යා බාලන් හොඳම නිළිය විදිහට ජූරියේ සම්මානය දිනාගත්තා.

පේන විදිහට විද්‍යාගේ කාලේ හොඳයි වගේ නේද????

 

3 Comments

3 Comments

  1. Dilupa

    February 25, 2013 at 12:03 am

    සමහර තරු කාලෙකට පායලා ඉක්මනට නොපෙනී යනවනෙ. ඒක හින්දි සිනමාවෙ හැටි කියලයි මට හිතෙන්නෙ. විද්‍යා බාලන් කියන හැකියාවන්ගෙන් පිරුන නිලියට එහෙම නොවේවා කියල අපි හිතමු.

    • Paco

      March 27, 2013 at 2:44 am

      That’s a nicely made asnwer to a challenging question

    • Snowy

      March 29, 2013 at 11:14 am

      That’s an invetnive answer to an interesting question

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!