බොලිවුඩ්

53 ක් ගියත් එදා වගේමයි

අනිල් කපූර් කියන්නේ බොලිවුඩයේ ඉන්න සුපිරි තරුවක්නේ. 53 ක් ගියත් තාමත් අනිල්ට තරුණ පෙනුමක් තියෙන එකනම් කාටත් ප්‍රශ්නයක්. එදා අනිල් දැකපු කෙනෙක් අද දැක්කොත් ඒත් ඉතින් කියන්නනම් දෙයක් නැති වෙනවා. මොකද අනිල් කොච්චර වයසට ගියත් පෙනුමෙන් එදා වගේම නිසා. පෙනුම වගේම තමයි අනිල්ගේ ශක්තිමත්බව. ඒ නිසාමද කොහොම බොලිවුඩයේ ඉන්න අලුත් පරම්පරාවන් එක්ක අනිල්ගේ නම හරි හරියට කියැවෙනවා.

මේ ගැන අනිල්නම් ඉන්නේ හරීම සතුටින්. “බොලිවුඩයේ අලුත් පරම්පරාවේ ඉන්න ජෝන් ඒබ්‍රහම් වගේ අයත් එක්ක බලද්දී මට තාමත් තියෙන ශක්තිමත් බව ගැන මං ගොඩාක් සතුටෙන් ඉන්නේ. ” අනිල් මේ විදිහට කියලා තියෙන්නේ “ෂූට් අවුට් ඇට් වදාලා” චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින්.

“මේ වගේම මං මගේ වැඩ ටික දිගටම කරගෙන ගිහින් අවුරුදු 90 වෙද්දිත් මේ වගේම ශක්තිමත්ව ඉන්න තමයි හිතාගෙන ඉන්නේ”

මැයි 1 වෙනිදා තිරගත වෙන්න නියමිතව තියෙන ෂූට් අවුට් ඇට් වදාලා” කියන ත්‍රාස්‍යජනක චිත්‍රපටියේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් තමයි අනිල් කරන්නේ. ජෝන් ඒබ්‍රහම්, කන්ග්නා රනාඔට්, තුෂාර් කපූර් වගේම සෝනු සූද් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවනවා.

2 Comments

2 Comments

  1. Nickie

    February 7, 2013 at 7:14 pm

    Thanks for sahnirg. What a pleasure to read!

    • Natalia

      March 27, 2013 at 11:53 am

      Your’s is a point of view where real itnleligecne shines through.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!