බොලිවුඩ්

මනීෂාට පිළිකාවක්

බොලිවුඩ් සුපිරි නිළි මනීෂා කොයිරාලට පිළිකාවක් හැදිලාලු. මේ හින්දම මනීෂා මේ වෙද්දි මුම්බාවල රෝහලක ප්‍රතිකාර ලබනවා කියලයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

නේපාලයේ කත්මන්ඩුවල මනීෂාගේ ගෙදර දී හදිසියේ අසනීප වෙලා තියෙන මනීෂා පහුගිය 25 වැනිදා කත්මන්ඩු රෝහලකට ඇතුළත් කරලා. රෝගී තත්ත්වය දරුණු වුණ නිසා පහුගිය 28 වැනිදා මනීෂා මුම්බායිහි රෝහලකට අරගෙන ගියා කියලායි ආරංචි වුණේ. මේ වන විට මනීෂාව වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට ලක්කරමින් ඉන්නවලු. මනීෂාගේ රෝගී තත්ත්වය ගැන වැඩිදුර තොරතුරු කියන්න බෑ කියලායි රෝහල් ප්‍රකාශකයින් කියලා තියෙන්නේ.

42 වන වියේ පසුවන මනීෂා කොයිරාල මත්ද්‍රව්‍යවලට වගේම දුම්වැටි භාවිතයටත් පුදුමාකාර විදිහටලු ඇබ්බැහි වෙලා හිටියේ. 1991 දී බොලිවුඩ් සිනමාවට ආපු මනීෂා කොයිරාල ඉතා මෑතකදී රඟපෑ වු “බූත් ටූ” චිත්‍රපටය පහුගිය මාසේ තිරගත වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!