Gossip News

ධීවරයින් පස් දෙනෙකු සමග මුහුදු ගිය “නිසාදි” යාත්‍රාව දින 17ක් තිස්සේ අතුරුදහන්..

අගෝස්තු මාසේ පළවෙනිදා කුඩා වැල්ල ධීවර වාරායෙන් ධීවර කර්මන්තය සඳහා ධීවරයින් පස් දෙනෙකු සමග මුහුදු ගිය “නිසාදි” බහුදින යාත්‍රාව අතුරුදහන්  වී තිබෙන බවට වාර්තා වෙනවා. මේ වෙනකොට යාත්‍රාව පිළබඳව දින 17 තිස්සේ තොරතුරක් නැති බව ධීවර යාත්‍රාවේ හිමිකරු කේ.බී.නලීන් ප්‍රදීප් කුමාර මහතා කියා සිටිනවා.

පසුගිය 10 වෙනිදා ධීවරයන් ගොඩබිම හා සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් ඒ වනවිට ධීවර කර්මාන්තය නිමා කර ආපසු ගොඩබිමට පැමිණෙමින් සිට ඇති අතර ඔවුන් හා සම්බන්ධ වන විට පොතුවිල් මුහුදු තීරයේ සිට තිබෙනවා.ඉන්පසුව ඔවුන්ගෙන් තවම තොරතුරක් ලැබී නැහැ. බෝට්ටුවේ ගමන්ගත් පිරිස ගන්දර හා මැදවත්ත ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර බෝට්ටුවේ නියාමක කේ.බී.ශාන්ත (45),එච්.ඒ.පි.චමින්ද (52),කේ.බි.බන්දුලසේන (42), එන්.එ.පි.සම්පත් (36) හා එස්.අයි. හෙට්ටිආරච්චි (30) යන අය මේ වනකොට අතුරුදහන් වී සිටිනවා. අදාල අංශ වලට මේ පිළිබඳව බෝට්ටු හිමියා දැනුම් දී ඇති අතර ධීවරයන්ගේ නිවැසියන් ඉක්මනින් තොරතුරක් සොයාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!