Gossip News

සිසුන් 12ක් දූෂණය කළ ගුරුවරයා පොලිස් දැලේ – වීඩියෝ

හාලිඇල ,ගලඋඩ ප්‍රදේශයේ මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසැලේම 44 හැවිරිදි ගුරුවරයා අද(29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර තිබුණා.

ඊයේ (28) ඔහු බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා වන ඔහු ඊට අමතරව ගණිතය උගන්වා ඇති අතර මුදල් ලබාගෙන අමතර පන්තිද පාසැලේ පවත්වා තිබෙන බවට වාර්තා වෙනවා.

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිසිය විමර්ශන සිදුකරන අතර සිසුන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කර ඇති බව පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!