Gossip News

රතන හිමිට සහ නීතීඥ වි‌ජේදාස මහතාට එරෙහි විනය පරීක්ෂණ අද..

විනය කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විනය පරීක්ෂණ අද(30) ආරම්භ වෙන්න නියමිතයි.

පූජ්‍ය අතුරළියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකර මන්ත්‍රිවරයෙක් ලෙස තේරී පත් වූ අතර පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විනය කඩකළහොත් දඬුවමක් ලැබිය යුතු බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!