Gossip News

ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් පැවත්වීමට කටයුතු සූදානම්..

ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරද පැවැත්වීමට කටයතු සංවිධානය කර ති‌බෙනවා.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ(29) කොළඹදී පැවැත් වුණා.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කමිටුව විසින් 2019 ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කරනු ලබනවා.

ඒ අනුව මෙවර ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 5, සහ 6 දෙදින සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පැරා ක්‍රීඩා සමාජ 45ක් නියෝජනය කරමින් පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික පිරිසක් මෙවර තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි.

ඔවුන් දෘශ්‍යාබාධිත, ශරීර ආබාධිත සහ බුද්ධි ආබාධිත ලෙස කාණ්ඩ තුනක් යටතේ තරගවදින අතර ජවන හා පිටිය ඉසව් 190ක් මෙහිදී පැවැත් වෙයි.

මේ වර්ෂයේ නොවැම්බර් මස ඩුබායිහිදී පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තේරීම් තරගාවලියක් ලෙසද මෙය පැවැත්වීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!