Gossip News

නල්ලූර් කෝවිල අසල තාවකාලික වෙළද සැල් වලට 44000 අධික කුළියක්..කල්තියාම නගර සභාවෙන් මිළ නියම කරලා..

යාපනය මහ නගර සභාව විසින් නල්ලූර් කෝවිල අසල තාවකාලික වෙළද සැල් ඉදි කර ගැනීම සදහා වෙළෙන්දන්ගෙන් අධික කුළියක් අයකිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට දැඩි චෝදනාවක් එල්ල වී තිබෙන බවට වාර්තා වෙනවා. කලින් වසරවල් වල වෙලෙන්දන්ට මෙම වෙළද සැල් ලබා දීම ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ක්‍රියාත්මක වෙලා තිබුණත් මේ පාර කල් තියාම නගර සභාව විසින් නියම කරණ ලද මිල ගණන් වෙළෙන්දන්ට ගෙවීමට සිදු වූ බව නල්ලූර් කෝවිල අසල තාවකාලික වෙළද සැල් ඉදි කරගත් වෙළෙන්දන් ප්‍රකාශ කර තිබෙනවා.

නල්ලූර් කෝවිලේ මාසයක් තුළ පැවැත්වෙන වාර්ෂික උත්සවය සදහා රටකජු වෙළද සැලක් පවත්වා ගෙන යාමට ඒ කාලය සදහා එක් අයෙකුගෙන් රුපියල් 44000 ක මුදලක් අයකොට තිබෙනවා.

එසේම මෙම වෙළද සැල් බොහොමයක් කෝවිලේ පූජාවන් සදහා රැගෙන යන පූජා භාණ්ඩ පොල් හදුන්කූරු කපුරු බුලත් සහ රටකජු රසකැවිලි අළෙවි කරන අතර එම භාණ්ඩ අලෙවි කරලා මේ තරම් ලොකු කඩකුලියක් ගෙවන්න හැකියාවක් නැහැ කියලා ඔවුන් ප්‍රකාශ කරනවා.

මීට අමතරව විදුලිය සහ ජලය සදහාද තවත් අමතර ගාස්තුවක් ගෙවීමටද මෙම වෙළෙන්දන්ට සිදුව තිබීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!