Gossip News

දුම්රිය අනතුරට වගකිවයුතු පුද්ගලයින් හතරකගේ වැඩ තහනම්..

මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටුණු අනතුර සම්බන්ධයෙන් එක් දුම්රියක රියදුරු, නියාමකවරුන් දෙදෙනා සහ රිය සහායකගේ වැඩ තහනම් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව ඔවුන්ගේ වැඩ තහනම් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

අද පෙරවරුවේ මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබුණේ කොළඹ සිට හලාවත දක්වා ධාවනය කර තිබූ දුම්රියක් සහ මරදානේ සිට කළුතර බලා ගමන් කරමින් තිබූ දුම්රියකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!