බර්ෆී චිත්‍රපටිය නිසා මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන්නේ බොලිවුඩයේ සුපිරි තරු රන්බීර් කපූර්නේ. ඉතින් ඒ නිසාම රසිකයෝ වැහි වැහලා ඉන්න රන්බීර්ගේ පෞද්ගලික තොරතුරු දැනගන්න හරිම ආසයි. මේ දවස්වල රන්බීර්ට එක එක චැනල්වලින් මාධ්‍ය සාකච්ඡාවලට කතා කරන්නෙත් ඒ හින්දමයි.
ඒ එක කතාබහක දී රන්බීර්ගෙන් අහලා තියෙනවා සහකාරියක් හොයාගන්නේ නැද්ද කියලා. “මට තාම හරි කෙනා හම්බවුණේ නෑ. ඒ කෙනා හම්බවුණ ගමන් මම විවාහවෙනවා” කට්ටිය මඟ ඇර ඇර ඉන්න ඒ ප්‍රශ්නෙට රන්බීර්ගේ උත්තරේ වෙලා තියෙන්නේ ඒකයි.
උත්තරේ හැටියටනම් වැඩිය කපටි නෑ කියලත් හිතෙනවා. කොහොම වුණත් බොලිවුඩයේ සුරූපී රංගන ශීල්පිණියක් වන දීපිකා පදුකෝන් එක්ක රන්බීර්ගේ තිබුණු ආදර පළහිලව්ව කැඩිලා ගියේ අද ඊයෙකත් නෙමෙයිනේ. නර්ගීස් ෆඛ්රී එක්ක වගේම කැත්රීනා කයිෆ්ගේ නමත් එක්කත් රන්බීර්ගේ නම ගෑවිලා කතා හැදුනට ඒවා ඇත්තද බොරුද කියලානම් හරියටම කියන්න දන්නේ නෑ.
“මම හැම තිස්සෙම හිතන්නේ මගේ ජීවිතේට ඇත්ත ආදරයක් හම්බවෙයි කියලයි. මගේ ජීවිතයේ හැමදාම ඉන්න පුළුවන් ඒ කෙනාව ඉක්මණටම හම්බවෙයි” ඒ රන්බීර්ගේ අදහසයි. මේ කතාවත් එක්ක බලනකොට දීපිකාගේ ආදරේ බොරුද කියලත් හිතෙනවා. හැබැයි දීපිකා රන්බීර් එක්ක ආදරෙන් වෙලිලා ඉන්න කාලේ දීපිකාගේ බෙල්ලේ ‘RK’ කියන අකුරු දෙක කොටාගෙන තිබුණා. ඒ නිසාම දීපිකාට ඇඟිල්ල දික්කරන එක සාධාරණයි ද කියලාත් හිතෙනවා.
ලබන අවුරුද්දේ මාර්තු මාසේ විතර තිරගත වෙන්න තියෙන “යේ ජවානී හායි දිවානී” චිත්‍රපටියේ නම් මේ පරණ පෙම්වතුන් යුවළ ආයෙත් ආදරෙන් වෙලිලා ඉන්නවා දකගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ චිත්‍රපටියට විතරයි. ගොඩක් නළු නිළියෝ චිත්‍රපටිවලින් එකතු වෙන හින්දා මේ දෙන්නව එකතු කරන්න “යේ ජවානී හායි දිවානී” ට පුළුවන් වෙයිද කියලා කියන්නත් බෑ.
