බොලිවුඩ්

අලුත් කොපිය නැගලා යයිද?

“අජාබ් ගසාබ් ලව්” කොපියක් වුණාට බොලිවුඩයෙන් ඇහෙන අලුත්ම නමක්. සන්ජේ ගධ්වි අධ්‍යක්ෂණය කරලා තියෙන මේ චිත්‍රපටියේ කතාව ආදරයයි හාත්ස්‍යයි එක්ක ගැටිලා තියෙන්නේ.

“සීමා තපකායි” කියන අති සාර්ථක වුණු තෙළෙඟු චිත්‍රපටියේ කොපියක් තමයි “අජාබ් ගසාබ් ලව්” කියන්නේ. තෙළෙඟු චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට දායක වුණේ අල්ලාරි නරේෂ් එක්ක ෂම්නා කසීම් ජැකී භාග්නානි හා නිධි සුබ්බයියාහ් තමයි චිත්‍රපටියේ මේ අලුත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ. අර්ජුන් රාම්පාලුත් මේ චිත්‍රපටියේ ඉන්නවා කියලායි අපිටනම් ආරංචි වුණේ. ඒ වගේමයි අර්ෂාඩ් වාර්සි, දර්ශන් ජරිවලයි කිරන් කේරුයි සහය නළු නිළියෝ විදිහට රඟපානවා.

චිත්‍රපටියේ නිෂ්පාදනය වාෂු භාග්නානිගෙන්. අජාබ් ගසාබ් ලව් චිත්‍රපටියේ ට්‍රේලර් එකනම් පහුගිය අගෝස්තු 13 වෙනිදා එළිදැක්වුණා. චිත්‍රපටිය මේ ම‍ාසේ 24 වෙනිදා තිරගත වෙයි කියලා බොලිවුඩයෙන් ආරංචි වුණා.

කොහොම හරි කමක් නෑ ගොඩක් තෙළෙඟු කොපි ව‍ගේම චිත්‍රපටි වගේම ‍මේකත් සාර්ථක වෙයි කියලයි හැමෝමනම් කියන්නේ. මුල් නිර්මාණය වුණු තෙළෙඟු චිත්‍රපටියත් අති සාර්ථක වුණ නිසා අලුත් නිර්මාණයේ සාර්ථකත්වය ගැන දැන් දැන්ම කතා හදන්න පටන්ගෙනත් ඉවරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!