බොලිවුඩ්

රාණි, “අයියා”ත් එක්ක එකතුවෙලා

රාණි මුඛර්ජී ගැන මේ දවස්වල වැඩි සද්දයක් බද්දයක් නැති නිසාම ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුණා. රාණි පහුගිය දවස් ටිකේ “අයියා” චිත්‍රපටියේ වැඩත් එක්ක ටිකක් විතර කාර්යබහුලව හිටියා. දැන් ඒ චිත්‍රපටියේ වැඩ ඉවර වෙලා ඔක්තෝම්බර් මාසේ තිරගතවීමත් පටන් ගන්නවා කියලා තමයි ආරංචි වෙන්නේනම්.

“අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි එයාලාගේ දුවව හින්දා විඳින කරදර තමයි මේකෙන් කියවෙන්නේ. මේ තත්ත්වයට ගොඩක් අය මුහුණ දීලා තියෙනවා”කියලා රාණි කියනවා. චිත්‍රපටියේ දී රාණිගේ නම “මීනක්ෂි දේශපාන්ඩේ”.

මේ චිත්‍රපටය රාණිට අලුත්ම අත්දැකීම්ක් වෙලා කියලත් ආරංචියක් තියෙනවා.

 

ඒ ටොලි වුඩ් හා ලවානි කියන නර්ථන ශිල්ප ක්‍රම දෙක අමුතුවෙන්ම ඉගෙන ගන්න වුණ හින්දලු. ඒ වගේම තමයි බෙලී ඩාන්ස් කියන එකත් රාණි කවදාවත්ම දැනගෙන ඉඳලා නෑ. කොහොමහරි අන්තිමට රාණිට නොදන්න දේවල් ‍ගොඩක් මේකෙන් ඉගෙන ගන්න වෙලා. හැබැයි රාණිනම් ඒ ගැන ඉන්නේ හරිම සතුටෙන්.

 

මරාටි ජාතික මීනක්ෂි එහෙමත් නැත්තන් රාණිගේ පෙම්වතා දෙමළ ජාතික සූර්යා. සූර්යා විදිහට රඟපාන්නෙත් දෙමළ නළුවෙක් වෙන ප්‍රීතිවිරාජ්මයි. ජාතීන් දෙක අතර සම්ප්‍රදායන් වගේ දේවල් එක්ක මේ කතාව ගෙතිලා තියෙන්නේ හරිම විනෝදජනක විදිහටයි.

2011 අගෝස්තු මාසේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරපු මේ චිත්‍රපටියේ රූ ගත කිරීම් ඇරඹුණේ 2011 ඔක්තෝම්බර් මාසයේදීයි.  චිත්‍රපටියටම තියෙන්නේ සින්දු 6 යි. හැබැයි ඒවා ලියලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක්නම් නෙමෙයි. ඒ වෙන කවුරුත් නෙමෙයි බිග්-බී (අමිතාබ් බච්චන්). සංගීතය අමිත් ත්‍රිවේදිගෙන්.

මෙච්චර දේවල් කියපු එකේ චිත්‍රපටිය තිරගතවෙන්නේ කවදද කියලා නොකිව්වොත් හරිමදි වගේනේ. ඒ වුනාට ඒ ගැනනනම් තාම හරියටම දන්නේ ‍නෑ. ඔක්තෝම්බර් 12  තිරගතවෙයි කියලා තමයි අපිටනම් ආරංචි වුණේ.

එක ළඟ එක චිත්‍රපටි ගොඩාක් ආපු මේ වෙලාවේ “අයියා”ගේ සාර්ථකත්වය කොහොම වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්නවා කියන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ. හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. බලමු මොනවා වෙයිද කියලා.

4 Comments

4 Comments

  1. Cesar

    October 13, 2012 at 4:07 am

    THX that’s a great ansewr!

    • Georgiana

      November 14, 2012 at 11:26 pm

      You’ve got to be kdiidng me-it’s so transparently clear now!

      • Rtm

        December 20, 2012 at 1:39 am

        Do you have more great artcleis like this one?

        • Randi

          February 7, 2013 at 4:07 am

          Stay with this guys, you’re hpeinlg a lot of people.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!