බොලිවුඩ්

බර්ෆීට දවස් 3 න් කෝටි 34.6 ක්…

විචාරකයන්ගේ කතා බොරු කරමින් මේ දවස්වල බර්ෆී චිත්‍රපටිය අති සාර්ථක ලෙස ඉන්දියාවේ තිරගත වෙනවානේ. ගොළු බීරි කෙනෙක් විදිහට තමයි ඒකේ රන්බීර් කපූර් රංගන දායතක්වය ලබාදෙන්නේ.

ඉතින් බර්ෆි චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා තියන තරමටම ජනප්‍රිය වෙලා කියලායි ආරංචි වෙන්නේ. තිරගතවීම ආරම්භ කරලා පළවෙනි සති අන්තයේම ඉන්දියානු රුපියල් කෝටි 34.6 ක ආදායමක් උපයන්න බර්ෆීට පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රියංකා චොප්රා මානසික රෝගයකින් පෙළෙන්නියක විදිහටත් ඉලීනා ඩි ක්‍රස් ධනවත් බෙන්ගාලි තරුණියක් විදිහටත් රඟපෑමක යෙදෙන බර්ෆී පසුගිය සිකුරාදා තිරගත වීම ආරම්භ වුණේ හාත්ස්‍ය සහ ආදරය එකතු වුණු චිත්‍රපටියක් විදිහටයි. අඩුපාඩුකම් මැද්දේ ආදරය කරන දෙන්නෙක් ගැන කියවෙන බර්ෆී හදන්න වියදම් වෙලා තියෙන්නේ ඉන්දියානු රුපියල් කෝටි 30 ක්.

තිරගතවීම පටන්ගත්ත දවසේම කෝටි 9.20 ක් උපයපු බර්ෆීගේ දෙවන දවසේ ආදායම කෝටි 11.50 ක්. තුන් වන දවස වෙනකොට චිත්‍රපටිය හදන්න වියදම් කරපු කෝටි 30 ලබාගන්න බර්ෆිට පුළුවන් වෙලා. ඒ කෝටි 13.5 ක් ලබාගනිමින්. දැනට ඉන්දියාවේ සිනමා ශාලා 700 ක බර්ෆි චිත්‍රපටය බලන්න පුළුවන්.

එතකොට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සිද්ධාර්ත් රෝයි කපූර්. බර්ෆි අධ්‍යක්ෂණය කළේ අනුරාග් බාසු. අනුරාග් බාසු කියන විදිහට චිත්‍රපටියේ රූපගත කිරීම් පටන් අරගෙන තියෙන්නේ 2011 මාර්තු 11 වෙනිදා. දවස් තුනෙන් මෙච්චර ආදායමක් උපයගත්තානම් මාස දෙකක් විතර යනකොට කොච්චර ආදායමක් උපයාගනීද?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!