Gossip

දිවුලපිටිය ඥානෝදය විදුහලේ සිසුන් 8කට කොවිඩ්..

දිවුලපිටිය ඥානෝදය විදුහලේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු ඇතුළු අට දෙනකු කොවිඩ් වයිරසය ආසාදිත වූවන් බව ඊයේ (13 වැනිදා) වන විට තහවුරු කරගෙන තිබිණි.
උසස් පෙළ සිසුවාට අමතරව වෛරසය ආසාදනය වී ඇත්තේ තුන, හතර, හත සහ අට ශ්‍රේණිවල සිසුන්ට බව දිවුලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. කුලතිලක පැවසුවා.
උසස් පෙළ සිසුවා ඉරණවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළා.
මෙම ශිෂ්‍යයාට ඉරණවිල රෝහලේ සිට විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගත් බව අප කළ විමසුමකට පිළිතුරු දුන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසීය.
මීට පෙර කොළඹ ගෝතමී බාලිකාවේ මෙන්ම ගම්පහ රත්නාවලී බාලිකාවේ සිසුවියන් දෙදෙනකුට ද වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
කොවිඩ් වයිරසය ආසාදිතව සිටින පාසල් සිසුන්ගේ ආශ්‍රිතයන්ට හැකි ඉක්මනින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා විශේෂිත ස්ථාන කිහිපයක් නම් කරන ලෙස ලංකා ගුරු සංගමය කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායෙන් ඉල්ලා සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!