Gossip

මිනුවන්ගොඩ මනාලියක් බැලීමට ගිය බියගම මනාලයා නිරෝධායනයට

විවාහ යෝජනාවකට අනුව මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන තරුණියක බැලීමට ඉකුත් 02 දා මිනුවන්ගොඩ ප‍්‍රදේශයට ගිය බියගම සියඹලාපේ දකුණ ප‍්‍රදේශයේ පදිංචි තරුණයකු ඇතුළු දාහතර දෙනකුගේ කණ්ඩායමක් සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සමන් පෙරේරා මහතා පැවසීය.

කලින් කතා කරගත් පරිදි ඉකුත් 2 දා තම නෑදෑ පිරිස සමග මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ මනාලියක බැලීමට ගිය මෙම පිරිස ප‍්‍රිය සම්භාෂණයේ යෙදී ආපසු පැමිණීමෙන් පසු එම තරුණියට කොවිඞ් 19 වෛරසය වැළඳී ඇති බවට තොරතුරු ලැබීමත් සමග මනාලයා සමග එම 14 දෙනකුගෙන් යුතු පිරිස ඉකුත් 10 දා දෙල්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේදී පී. සී. ආර්. පරීක්‍ෂාව සිදුකර නිරෝධායනයට යොමු කර ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!