තමන් ජයග්‍රහණය මත පමණක් පිහිටා තීරණ ගන්නා බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා පවසනවා.
නාවින්න මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට සහය පළ කරන බවට දිගින් දිගටම වාර්තා පළ වුණා. කෙසේවෙතත් වාරියපොල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් රට ගැන සිතා ඉදිරි තීන්දුව ගන්නා බවයි.
