Gossip

ගෝඨාභය රනිල් හමුවෙන්න අරලියගහ මැදුරට ගියේ ඇයි? තොරතුරු හෙළිවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අරලියගහ මන්දිරයේදී විශේෂ හමුවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට සියලු ආරක්ෂාව ලබාදෙන බවයි එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ.

ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද එලෙස ආරක්ෂාව සහතික විය හැකි බව ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම හමුව පිළිබඳව හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ වත්මන් දේශපාලන අර්බුදය හා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීම පිළිබඳ විමසීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එහි පැමිණි බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමකින් තොරව අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීමට සූදානම් නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා ස්ථීර වශයෙන්ම ඔහුට දැනුම් දුන් බව වාර්තාවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!