Gossip

බහුතරය පෙන්වන්න සූදානම් – බැරිවුණොත් සියලු දේ අතහරිනවා

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට කතානායකවරයා තීරණය කළා.

මේ නිසා බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ කතානායකවරයාගේ මෙම තීරණයට අනුව රටේ අග‍්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්‍ෂ මහතා යැයි පිළිගෙන ඇති බව තහවුරු වන බවටයි.

එවන් පසුබිමක රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම කෙතරම් සදාචාරාත්මක දැයි ඔවුන් ප‍්‍රශ්න කරනවා.

කෙසේවෙතත් මෙම තීරණය එම පිරිස් වැරදි ලෙස අර්ථගන්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

මේ පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේදී වැඩි බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් බවයි.

පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබද තීරණය ලැබෙන තෙක් රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත් සියළු දේ අත්හරින බවත් වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!