මවක් තමන්ගේම දරුවාට උණුවතුර වක්කරපු කරපු සිදුවීමක් බලන්ගොඩ ඉත්තෑගල කන්ද ප්රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස පිලිසුම් තුවාල ලබා ඇත්තේ 14 වියේ පසුවන දරුවෙක් බවට පොලිසිය පවසනවා.
මේ වෙනකොට බලන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා ආරක්ෂක කාර්යාංශයට කොළඹ ළමා ආරක්ෂක කාර්යාංශය විසින් කළ දැනුම් දීමකට අනුව ඔවුන් එම නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා
පොලිසිය පවසන්නේ ඔවුන් එම ස්ථානයට යන විට සැකකාර මව නිවසේ නොසිටිය බවත් දරුවාගේ කොන්ද ප්රදේශයේ පිලිස්සුම් තුවාල තිබූ බවත් සැකකාර මව අත්අඩංගුවට ගන්න මේ වනවිට පොලිසිය කටයුතු සිදුකරමින් පවතින බවත් වාර්තා වෙනවා.
