Gossip News

මඩකළපුව නොසන්සුන් සිව් දෙනෙකුට තුවාල – Photos

මඩකලපුව, කල්අඩි පාලම අසල ප්‍රෙද්ශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඒ අවස්ථාවේ ඇති වු නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනව බවයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ගේ ශරීර කොටස් මඩකළපුව,කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිව අදාල විරෝධතාව පැවැත්වුණා.

මඩකලපුව, කල්අඩි පාලම අසලට ඊයේ පස්වරුවේ රැස්වූ ප්‍රෙද්ශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිවයි.

අදාල බෝම්බකරුගේ හිස කොටස මෙතෙක් රෝහල් මෘත ශරිරාගාරයේ තබා තිබූ අතර එය පෙරේදා අදාල සුසාන භුමියේ මිහිදන් කර ඇති බව සඳහන් වෙනවා.

දහවල් සිට විරෝධතාවයේ නිරතව සිටි පිරිස පස්වරුවේ කල්අඩි පාලම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වි තිබෙනවා.

පොලීසිය පැවසුවේ එය විසුරුවාහැරිම සදහා ඊයේ රාත්‍රිෙය්දී කදුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බවයි.

විරෝධතාව විසුරුවා හැරිමට කටයුතු කරන අතරතුර ඇති වූ නොසන්සුනතාව හේතුනේ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!