වැලිගම පොලිස් වසමෙ දෙණිපිටිය ගොදාව පෙදෙසෙහි නිවසක මුළුතැන්ගෙයි නීති විරෝධීව පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් අත්අඩංගුවට ගැනිමට වැලිගම පොලිසිය සමත් වී තිබෙනවා.
මෙහිදී කසිප්පු මිලිලීටර් 15 000 ( පහලොස් දහසක් ) සහ ගෝඩා 550000 ( පන්ලක්ෂ පනස්දහසක් ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කසිප්පු නිෂ්පාදනාගාරයේ කාලාන්තරයක් තිස්සේ සූක්ෂම ආකාරයෙන් පවත්වා ගෙන ගිය බවටත් සැකකරුවන් විසින් විවිධ ප්‍රදේශ වල තැරව්කරුවන් සදහා කසිප්පු බෙදා හැර ඇති බවට මුලික විමර්ශන කටයුතුවලදි අනාවරණය වි තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස 35, 36 වයසෙ අය වන අතර ප්‍රධාන සැකකරු පෙදරේරුවකු ලෙසත් අනික් පුද්ගලයා ඔහුගේ ගෝලයෙක් ලෙසද කටයුතු කරන අතර ඔහු මොරවක පෙදෙසෙහි පදිංචි අයකු බවත් මොවුන් එම රැකියාව කරන අතරතුර කසිප්පු නිෂ්පාදනය සහ බෙදාහැරීම ප්‍රධාන වෘත්තිය ලෙස කටයුතු කර තිබෙනවා. සැකකරුවන් හට කසිප්පු නිෂ්පාදනය සම්බන්ධව අවශ්‍ය උපදෙස් සහ දැනුම ලබාදී ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් බව අනාවරණය වි තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර මෙම වැටලීම වැලිගම පොලිසියේ ස්ථානාධිපති එල්, එල්, ඉන්දික ක්‍රිෂාන්ත මහතා සහ පොලිස් සැරයන් (28492 ) දසනායක පොලිස් කොස්තාපල් ( 78909 ) කරුණානායක සහ පොලිස් කොස්තාපල් (65725 ) පුන්‍යානන්ද පොලිස් කාන්තා නිළධාරිනි ( 4721 ) නිලන්ත හේරත් යන අය එක්ව තිබෙනවා.