Gossip News

රෝහලක ගින්නකින් 10 මරුට

රියෝ නගරයේ උතුරු පෙදෙසට වන්නට පිහිටි බදිම් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ රෝහලේ මෙම ගින්න ඇති වී තිබේනවා.
ගින්නත් සමඟ රෝහලේ සිටි සියලු දෙනා ඒ ආසන්න වීදිවලට පැමිණ තිබෙන අතර රෝගීන් ඔවුන්ගේ ඇඳන් පිටින්ම පිටතට ගෙනැවිත් තිබෙන අයුරු දක්නට ලැබුණු බව ද ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේ. වෛද්‍යවරුන් සහ හෙදියන් වීදිවල සිට රෝගීන්ට ප්‍රතිකාර කළ බව ද වාර්තා විය.
ගින්නෙන් 10 දෙනෙකු මියගොස් ඇතැයි ගිනි නිවන සේවා උපුටා දක්වමින් ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය.
පැය දෙකකට පසුව ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයන් සමත් වූ බව ද ‘ග්ලෝබෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!